ශූරයින්ගේ කුසලාන තරඟාවලියෙන් කොදෙව්වන් හැලෙයි

ශූරයින්ගේ කුසලාන තරඟාවලියෙන් කොදෙව්වන් හැලෙයි

September 30, 2015   04:59 pm




2017 වසරේදී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 8 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, පකිස්ථානය හා බංග්ලාදේශය එම කණ්ඩායම් 8 වේ.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ස්ථානය අහිමි කරමින් බංග්ලාදේශය මෙම තරඟාවලියට සුදුසකම් ලබා ඇත.

බංග්ලාදේශයට එම අවස්ථාව හිමිව ඇත්තේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා පකිස්ථානය එක්දින තරගාවලි 3කදී පරාජය කිරීමත් සමග ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයට 9 වැනි ස්ථානයේ සිට පැමිණීම නිසාය.