වෙනසක් නෑ...

වෙනසක් නෑ...

April 16, 2018  

Bookmark and Share
දෙස විදෙස් සංචාරකයින් වෙනුවෙන් සංවිධානය කරන ලද බක්මහ උළෙලක් වෙන්නප්පුව - නයිනමඩම පිහිටි නිවාඩු නිකේතනයේදී පැවැත්වුණි.

බක් මහ කුමරිය තේරීම,කඹ ඇදීම,කොට්ටා පොර,බනිස් කෑම,ඇතුළු තරඟ රැසක් මෙහිදී පැවැත්විය.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රධානය කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඉපැරණි දඬුවම් ක්‍රමයක් වූ දඬු කදේ ගැසීමද ඊයේ (15) පැවති මෙම අවුරුදු උත්සවයේදී දක්නට ලැබුණි.

දෙස් විදෙස් සංචාරයකයින් රැසක් මෙම බක්මහ උළෙලට එක්ව සිටි අතර ඔවුන් ඉතාමත්ම උද්යෝගයෙන් තරඟවලට සහභාගි විය.

(ඡායාරූප -ජුඩ් සමන්ත)