සහජීවනය...

සහජීවනය...

March 24, 2018  

Bookmark and Share
මාවනැල්ල ගල්ගොඩ ශ‍්‍රී බබෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලේ ඉහල මහලය විවෘත කිරීම අද(23) පොල්ගහවෙල මාලිගාකන්ද සමාධි ධර්මායතනාධිපති වෛද්‍යාචාර සඳහම් වාගීෂ්වර ධර්මවිශාරද සාම විනිසුරු ශාස්ත‍්‍රපති අතිපූජ්‍ය පදවිගම්පොල ගුණරතන නායක හිමිපාණන් වහන්සේ අතින් සිදුවු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් ප‍්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය මෙන්ම මාවනැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක අධිපතිවරයා වශයෙන් කටයුතු කරන අල්හාජ් මුස්තප්පා කමාල්දීන් මහතාද ප්‍රදේශවාසින්ද මෙම අවස්තාවට එක් විය.

දැනට මෙම ගොඩනැගිල්ලේ අඩුපාඩු කඩිනමින් සකස් කිරීමට අවශ්‍ය දායකත්වය මුස්ලිම් ජාතික ව්‍යාපාරයේ අධිපතිවරයා විසින් ලබා දෙන බවට මෙහිදි පොරොන්දුවක්ලබා දුන් අතර එහිදි ඒ මහතා විසින් විහාරස්ථානයේ නායක හිමියන් වෙත මුදල් පරිත්‍යාගයක්ද සිදු කර තිබේ.

ලක්ෂ 60 කටත් වඩා වැඩි මුදලක් වියදම් කර නිම කරන ලද මෙම දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල වසර 6 ක් වැනි කාල සීමාවකදි සාදා නිම කිරිම සඳහා ඇප කැප වි කටයුතු සිදු කර ඇත්තේ දැනට 72 වියේ පසුවෙන විහාරාධිපති සාමවිනිසුරු වලවේරේවත මහා ස්ථවිර නායක හිමිපාණන් වහන්සේ විසින්ය.

ඒ සඳහා තමන් වහන්සේගේ ගෝල භික්ෂුන් වහන්සේලා මෙන්ම අවට විහාරස්ථාන වල හිමිවරුන් ධානපතියන් මෙන්ම දායක කාරක ආදීන් හා රජයේ මුල්‍ය දායකත්වය මෙ සඳහා ලැබි තිබුණු අතර දේශපාලන අධිකාරියෙන්ද මිට සහෝගය ලබා දි තිබුණි.