ගිලිහීම...

ගිලිහීම...

March 21, 2018  

Bookmark and Share
පියා සමඟ මාළු ඇල්ලීමට ගොස් වතුර වළක වැටී අතුරුදහන්ව සිටි සිසුවාගේ සිරුර නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් අද (21) ගොඩගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙසේ ගොඩගනු ලැබුවේ මස්කෙළිය හපුගස්තැන්න තේ වතුයායේ පදිංචි විජයකුමාර් කෙලෙයිරාමා නැමැති (13) හැවරදි මස්කෙළිය ලකඹේ දෙමළ මහා විද්‍යාලයේ 07 වසරේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙක්ය.

ඊයේ (20) පස්වරු 4.00 ට පමණ කැනියොන් ජල විදුලි බලාගාරය ආසන්නයේ අධි ආරක්‍ෂක කලාපයේ පිහිටි කැළණි ගගේ නුගේ වළ ප‍්‍රදේශයෙන් මාලූ ඇල්ලීමට යමින් සිටියදී මෙම සිසුවා ලිස්සා වැටී ඇත.

සිසුවාගේ කෑ ගැසීමට ඒ අසල මාළු අල්ලමින් සිටි සිසුවාගේ පියා පුතා බේරාගැනීමට ජලයට පැන ඇති අතර පියාගේ කෑගැසීමට ඒ අසල කැළයේ දර කඩමින් සිටි පිරිසක් පැමිණ ගසක අත්තක් කඩා වළට දැමීමෙන් අනතුරුව පියා පමණක් අත්තේ එල්ලී ජලයෙන් ගොඩට ගැනීමට හැකිවු බව මියගිය සිසුවාගේ පියා මස්කෙළිය පොලීසිය වෙත පවසා ඇත. එම සිසුවා වැටුණු වළ අධික ගැඹුරක් සහිත නිසා එම සිරුර සොයා ගැනීමට මස්කෙළිය පොලීසිය විසින් නාවික හමුදාවේ සහයෝගය ඉල්ලා තිබුණි.

පසුව නාවික හමුදාවේ සහයෝගය ඇතිව මියගිය සිසුවාගේ සිරුර ගොඩගෙන තිබේ.

මහෙස්ත‍්‍රාත් පරික්‍ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මස්කෙළිය පොලීසියේ ස්ථානාධීපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක මහතා පැවසීය.

(ඡයාරූප) රංජිත් රාජපක්ෂ