“කවදාවත් රට බෙදන්නේ නෑ. අපි රට බෙදන එකට විරුද්ධයි“

“කවදාවත් රට බෙදන්නේ නෑ. අපි රට බෙදන එකට විරුද්ධයි“

September 3, 2015   09:13 pm





“කවදාවත් රට බෙදන්නේ නෑ. අපි රට බෙදන එකට විරුද්ධයි. අපි ඒකට කැමති නෑ. බෙදන්න කතාව  ඕන නෑ“ යැයි නව විපක්ෂ  නායක ආර්. සම්බන්ධන් මහතා අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායකවරයා ලෙස පත්වූ ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මේ බව කියා සිටියේ අද බී.බී.සී.සංදේශයට අදහස් දක්වමිනි.

සිංහල ජනතාව වෙනුවෙන් කියන්න ඇත්තේ කුමක්දැයි මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඒ මහතා කියා සිටියේ සිංහල විපක්ෂ නායකයෙකු ඉටු කරන හැමදේම තමන් විසින් සිදුකරන බවයි.

රට බෙදීමට තමන් විරුද්ධ බව සහ ඒ සඳහා ඉඩ ලබා නොදෙන බවද ඒ මහතා සංදේශයට වැඩිදුරටත් කියා සිටියේය.