ඇමතිධූර වැඩි කිරීමේ යෝජනාව සම්මතයි

ඇමතිධූර වැඩි කිරීමේ යෝජනාව සම්මතයි

September 3, 2015   07:09 pm


ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධූර වැඩිකිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලද යෝජනාව වැඩි ඡන්ද 127 න් සම්මත වී ති‍බේ.

යෝජනාවට පක්ෂව ඡන්ද 143 ක්ද, විපක්ෂව ඡන්ද 16 ක්ද ලැබී ඇති අතර ඡන්දය විමසන අවස්ථාවේදී සභිකයින් 63 දෙනෙකු සභා ගර්භයෙහි නොසිටි වග අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

එම යෝජනාවට විපක්ෂව ඡන්දය ලබාදුන්නේ ජවිපෙ, ජානිපේ, මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීන් හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පමණි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවකට යාමකදී මිස අමාත්‍ය ධූර වැඩි කිරීමට රජයකට නොහැකි අතර මේ නිසාම අද පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් පැවති විවාදය අතිශය තීරණාත්මක විය.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා කියා සිටියේද ජාතික ආණ්ඩුවකට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති නමුත් අමාත්‍ය ධූර වැඩි කිරීමට තමන් එරෙහි බවයි.