ජවිපෙ නායකත්වයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පුටුව ලැබෙයි?
September 3, 2015 02:44 pm
ජවිපෙ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ගැනීමට යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙරාතුව පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගෙන ඇති බවත්, එහිදී වෙනත් නම් යෝජනා වී නොතිබුණු බවත් සඳහන්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කථානායකවරයා විසින් තාමත් නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක් කර නැති බවද කිව යුතුය.
කථානායක අනුමැතිය ලැබීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අදාළ තනතුරට නිල වශයෙන් පත්කෙරෙනු ඇත.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධූරය ලබාදීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ විරෝධය පළව තිබේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධූරය හෝ විපක්ෂ නායකධූරය හිමිවිය යුතුව තිබූ බවයි.