හොර පාරෙන් ගෙනා ව්‍යවස්ථාව හකුළාගත යුතුයි
September 3, 2015 01:59 pm
මෑතකදී ගෙන එන ලද අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව වහා අවලංගු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මෙම ව්‍යවස්ථාව ගෙනැවිත් ඇත්තේ පසුගිය මස 21 වැනිදා බවයි.
විෂයභාර ඇමතිවරයෙකුවත් නොමැති සංක්‍රාන්ති කාලයක අධ්‍යාපනයට බලපාන මෙවැනි පරිපාලන ව්‍යවස්ථාවක් හොර පාරෙන් ගෙනඒම නුසුදුසු බවත්, මේ නිසා එය වහා හකුළාගත යුතු බවත්, ඔහු එහිදී පැවසීය.
නව අධ්‍යාපන පරිපාලන ව්‍යවස්ථාව ගෙනැවිත් ඇත්තේ 2006ට පසු බවත්, එමගින් රාජ්‍ය පරිපාලන සේවයට යාමට ඇති අවස්ථාව ගුරුවරුන්ට අහිමි කර ඇති බවත්, හෙතෙම කීවේය.
නව ව්‍යවස්ථාව නිසා ගුරුවරුන්ට උසස්වීම් ලබා ගැනීමට තිබූ වසර 15 කාලය වසර 17ක් වැඩිවී ඇති බවද ඔහු පැවසීය.
එසේම මේ සමග ගුරුවරුන්ට අධ්‍යාපන පරිපාලන සේවයේ ඉහළට යාමට ඇත්තේ අතිරේක ලේකම් තනතුරු 2ක්, විභාග කොමසාරිස් තනතුරු 1ක් හා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් 1ක තනතුරක් පමණක් බවද ඔහු පෙන්වාදුන්නේය.
ඒ අනූව මෙම පරිපාලන සේවා ව්‍යවස්ථාව ඉවත් කරගන්නැයි අධ්‍යාපන බලධාරීන්ට අවධාරණය කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.