දේශීය පරීක්ෂණයකට දෙමළ පක්ෂ කිහිපයක් විරුද්ධයි

දේශීය පරීක්ෂණයකට දෙමළ පක්ෂ කිහිපයක් විරුද්ධයි

August 31, 2015   11:51 pm



යුද්ධය පැවැති සමයේ ඇති වූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් දේශිය පරික්ෂණයක් සිදු කිරිමට දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ කිහිපයක් විරෝධතාව පළ කර තිබේ.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා පවසන්නේ ප්ලොට්, ටෙලෝ සහ  ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායකයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව එවැනි දේශීය පරික්ෂණයක් සඳහා විරෝධතාව පල කිරිමට තීරණය කළ බවයි.

දෙමළ ජනතාවට දේශිය පරික්ෂණයක් පිළිබඳ විශ්වාසයක් නොමැති බව පෙන්වා දෙන ශිවාජිලිංගම් මහතා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය හා ජාත්‍යන්තර රාජ්‍යන් මැදිහත්වී අදාළ චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කළ යුතු බව  ප්‍රකාශ කළේය.

දේශිය පරික්ෂණයක් පැවැත්විම සම්බන්ධයෙන්  ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඊයේ වෙනම සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඔවුන්ගේ ස්ථාවරය මෙතෙක් සාමාජික පක්ෂවලට ලබා දී නොමැති බව ශිවාජිලිංගම් මහතා ප්‍රකාශ කර ඇත.