පොලිස් සැරයන් ආගිය අතක් නෑ!

පොලිස් සැරයන් ආගිය අතක් නෑ!

August 31, 2015   05:28 pm

 



පොලිස් සැරයන්වරයෙකු අතුරුදන්ව ඇති බවට වව්නියාව පොලිසියට සහ තබුත්තේගම පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

අදාළ සැරයන්වරයාගේ බිරිඳ විසින් එම පැමිණි ඉදිරිපත් කර ඇති බව  වාර්තා වෙයි.

පසුගිය 06 වනදා සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඇය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කිරිමට ඇය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.