ශ්‍රී ලංකාවට 386ක ඉලක්කයක්!

ශ්‍රී ලංකාවට 386ක ඉලක්කයක්!

August 31, 2015   04:23 pm



ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම ලකුණු 274ක් ලබා ගන්නා ලදී.

ඒ ඉන්දීය කණ්ඩායමේ සියලුම කඩුළු දවාගනිමින්ය.

ඉන්දීය පළමු ඉනිම සඳහා  ලකුණු 312ක් ලබාගත් අතර එහිදී පිළිතුරු පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 201 ලබා  ගන්නා ලදී.

මේ වන විට පිළිතුරු දෙවන ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට ලකුණු 386 ක්  රැස්කරගත යුතුවෙයි.