පැල්වත්තේ උක් ගොවීන් වීදි බසිති

පැල්වත්තේ උක් ගොවීන් වීදි බසිති

August 31, 2015   03:55 pm


පැල්වත්ත ප්‍රදේශයේ උක් ගොවින් පිරිසක් විරෝධතාවයක නිරත වී තිබේ.

සීනි කර්මාන්ත ශාලාවට උක් අස්වනු මිලදී ගන්නා කොඩයාන ප්‍ර දේශයේ  පිහිටි කාර්යාලය ඉදිරිපිට අද(31)  පෙරවරුවේ එම විරෝධතාව පැවැති බව  වාර්තාවෙයි.

තම අස්වනු නිසි ලෙස මිලදී ගැනිමට  පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා බලධාරින් අපොහොසත්ව ඇති බවට උක් ගෙවීන් චෝදනා කරයි.

මොණරාගල - පොතුවිල් ප්‍රධාන මාර්ගය අවහිර කිරිමට විරෝධතාකරුවන් උත්සාහ කර ඇති අතර පොලිසිය මැදිහත්වී එම තත්ත්වය පාලනය කල බව  අද දෙරණ වාර්තාකරු සදහන් කළේය.

කෙසේ වෙතත් පැල්වත්ත කොඩයාන කාර්යාලයේ නිලධාරියෙකු පැමිණ උක් අස්වනු මිලදී ගන්නා බවට පොරොන්දු විමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගොස් තිබේ.