සරණාගතයින් පිරිසක් කොරල්පර තොගයක් සමඟ මාට්ටු

සරණාගතයින් පිරිසක් කොරල්පර තොගයක් සමඟ මාට්ටු

August 31, 2015   02:13 pm






ඉන්දියාවේ සරණාගත කඳවුරක රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු කොරල්පර තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

කලියාකාවිලායි ආසන්නයේ පිහිටි කෝෂිපෝවිලායි සරණාගත කඳවුරේදී සැකකරුවන් ඉන්දිය  පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව  "ද හින්දු " පුවත්පත වාර්තා කළේය.

ඔවුන් සතුව තිබී කොරල්පර කිලෝග්‍රෑම් 20 ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සරණාගතයින් සිව් දෙනා සමග අදාළ කොරල්පර තොඟය වැඩිදුර විමර්ශන සඳහා ඉන්දිය වනජිවි දෙපාර්තමේන්තුවට බාරදි ඇති බව  වාර්තා වෙයි.