FUTA මහ පුටු වෙනස්වෙයි

FUTA මහ පුටු වෙනස්වෙයි

August 31, 2015   12:29 pm


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපති ලෙස ආචාර්ය ප්‍රීමාල් ප්‍රනාන්දු මහතාද, ලේකම් ලෙස ආචාර්ය ඒ.ඩබ්ලිව් විජේරත්න මහතාද පත්වී තිබේ.

ඊයේ පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වාර්ෂික සමුළුවේදී දී මෙම නව නිලධාරී මණ්ඩලය තේරී පත්වී ඇති බව එම සමිති සම්මේලනයේ මාධ්‍ය සම්බන්ධීකාරක ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

ඒ අනුව නව උප සභාපතිවරුන් ලෙස ආචාර්ය යූ.අනුර කුමාර, ආචාර්ය එස්.අරිවල්සාන්, ආචාර්ය රංගික හල්වතුර, ආචාර්ය එස්.බන්නැහැක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන ලියනගේ යන අය තේරීපත්ව ඇති අතර නව උප ලේකම්වරුන් ලෙස ආචාර්ය ශාමලා කුමාර්, ආචාර්ය චමින්ද එගොඩවත්ත, ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි කුමුදු සුමේධා යන තේරී පත්ව ඇත.