විපක්ෂ නායක තෝරගන්න ජනපති අපට ඉඩදුන්නා
August 31, 2015 11:50 am
නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පත් කිරීමේ අවස්ථාව විපක්ෂයේ මන්ත්රීවරුන්ට ලබා දෙන බව ජනාධිපතිවරයා පැවසූ බව විමල් වීරවංශ මහතා පවසයි.
අද පෙරවරුවේ සන්ධාන නායකයින් සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වුණු සාකච්ඡාවේදී තමන් විසින් කළ ඉල්ලීමට ප්රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ වග හෙතෙම සඳහන් කළේය.
එසේම මෙම අවස්ථාවේදී එජාප සමඟ එක්වී හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තම අකමැත්ත ජනාධිපතිවරයාට ප්රකාශ කළ බවද වීරවංශ මහතා සඳහන් කර සිටියේය.
විශේෂයෙන්ම එලෙස එජාපය සමඟ හවුල් වී කටයුතු කිරීමෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන වශයෙන් එජනිස සිදුවිය හැකි හානිය පිළිබඳවද ජනාධිපතිවරයගේ අවධානයට යොම කළ බව වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.