බෞද්ධ දර්ශනයේ පණිවිඩය ලොවටම ලබාදිය යුතුයි

බෞද්ධ දර්ශනයේ පණිවිඩය ලොවටම ලබාදිය යුතුයි

August 31, 2015   09:42 am



ජාත්‍යන්තර ප්‍රජාවට බෞද්ධ දර්ශනය පිළිබඳ පණිවිඩය ලබාදිම සඳහා ඉදිරියේදී ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මහනුවර ඇසළ මංගල්‍ය සාර්ථකව නිම කිරිම පිළිබඳ සංදේශය ඊයේ පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දැල මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගන්වනු ලැබුණි.

ඉන් අනත්රුව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේය.

එසේම බෞද්ධ රටක් ලෙස අපට ලෝකයට ලබාදිය හැකි උතුම් දයාදය වන්නේ බෞද්ධ දර්ශනය බව  ජනාධිපතිවරයා සඳහන් කළේය.