සන්ධාන නායකයින් සහ ජනපති අතර සාකච්ඡාවක්!

සන්ධාන නායකයින් සහ ජනපති අතර සාකච්ඡාවක්!

August 30, 2015   11:16 pm

එක්සත්  ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේ එක්සත්  ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියළු පක්ෂවල නියෝජිතයින්ට මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර ඇති බවයි.

එම සාකච්ඡාව සඳහා ජාතික නිදහස් පෙරමුණ සහභාගී වන අතර විවෘතව තම මතයන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විමල් වීරවංශ මහතා පැවසුවේය.

හෙට පෙරවරු 9.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව  වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ඇතිකරගෙන ඇති එකඟතා පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වනු ඇත.