ITAK විපක්ෂ නායකධූරය ඉල්ලයි
August 29, 2015 05:59 pm
පාර්ලිමේන්තු සම්ප්රදාය සහ ප්රකාශනයන්ට අනුව විපක්ෂනායක ධුරය හිමිවිය යුත්තේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයාට බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පෙන්වා දෙන්නේ තම පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය බවයි.
පසුගිය 17 වනදා පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගත් අතර දෙවනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි කර ගත්තේය.
කෙසේ වෙතත් එක්සනත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව ජාතික ආණ්ඩුවක් බිහිකරන බව මේ වන විට නිවේදනය කර තිබේ.
එබැවින් එක්සත් ජාතික පක්ෂය සමග නිදහස් සන්ධානයට ඒකාබද්ධ ආණ්ඩුවක් ලෙස කටයුතු කිරිමට සිදු වන බව පවසන දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂ වශයෙන් ද ඊට සහය පළ කිරිමට නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන්ට සිදු වන බව පෙන්වා දෙයි.
එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ ආසන 16 කට හිමිකම් කියන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට විපක්ෂනායක ධුරය හිමිවිය යුතු බවයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ රජය දෙමළ ජනතාවට සමාන පුරවැසියන් සේ සලකන බවට පොදුවේ කැපවී තිබේ.
කෙසේ වෙතත් උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දයෙන් තේරිපත් වූ තමන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස පිළිගැනිමට මැලිකමක් දක්වන්නේ නම් එම කැපවීමේ අවංක භාවය පිළිබඳ ගැටළු මතුවන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
මෙරට ජාතික ගැටළුව විසඳීම සඳහා ජනාධිපතිවරයා සහ රජය කැපවන්නේ නම් ක්‍රියාවෙන් ද එය පෙන්නුම් කළ යුතු බව අවධාරණය කරන දෙමළ ජාතික සන්ධානය ජාතික ගැටළුව විසඳීම වෙනුවෙන් රජය සමග වැඩදායි ලෙස සම්බන්ධවී කැපවිමෙන් තම කාර්යභාරය ඉටු කරන බව ද ප්‍රකාශ කර තිබේ.