අතහැර දැමූ ලොරියක් ඇතුළේ 70ගේ මළ සිරුරු
සයුරෙන් එතෙර

අතහැර දැමූ ලොරියක් ඇතුළේ 70ගේ මළ සිරුරු

August 28, 2015   02:46 pm



ඔස්ට්‍රියාවේ, හංගේරියානු දේශසීමාව ආසන්නයේ අතහැර දමා තිබූ ලොරියේ අඩුතරමින් මළ සිරුරු සංඛ්‍යාව 70ක් ඇති බව එරට  බලධාරින් සැක කරයි.

මහ මාර්ගයක් අසල නතර කර තිබූ අදාළ ලොරියේ සංක්‍රමණිකයන්ගේ මළ සිරුරු තොගයක් ඇති බවට ඔස්ට්‍රියානු බලධාරින්ට තොරතුරු ලැබී තිබුණි.

ඒ අනුව මෙම සෝදිසි මෙහෙයුම ආරම්භ කෙරිණ.

මළ සිරුරු නරක් වී ඇති බැවින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව නිශ්චිතව  අනාවරණය කර ගැනීම අසීරුවී ඇති බව එරට බලධාරීන් කියයි.