සංහිඳියාව...
March 12, 2018
ආණමඩුව ව්යාපාරික සංගමය, ප්රදේශවාසීන් හා පොලීසියේ සහය ඇතිව ආණමඩුව නගරයේ ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාව සම්පූර්ණයෙන්ම ප්රතිසංස්කරණය කර රාත්රී 8.00 ට පමණ යළි විවෘත කර තිබේ.
ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට ඊයේ (11) අළුයම 2.00 ට පමණ එල්ල වු පෙට්රල් බෝම්බ ප්රහාරයකින් විනාශ වී තිබුණි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකුව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එල්ල කරන ලද පෙට්රල් බෝම්බ ප්රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශ වී ඇත.
මහා සංඝරත්න, ස්ලාමීය ආගමික නායකයින්ද, රාජ්ය ඇමති පාලිත රංගේබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්රී ප්රියංකර ජයරත්න, ආණමඩුව ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආනන්ද සරත් කුමාර යන මහත්වරුන්ද, උසස් පොලිස් නිලධාරීන්ද එක්ව මෙම ආපන ශාලාව නැවත සකසා දී තිබේ.
කවුරුන් විසින් සිදු කළත් මෙම ක්රියාව හෙළා දකින බවත්, ජාති වාදී ගිනි දැල් වැපිර වීමට ඇතමුන් ගන්නා ක්රියාවන්ට ආණමඩුව ජනතාව හොඳ පිළිතුරක් ලබා දී ඇති බවත් මේ තුළින් පෙනී යයි.
කෙසේ වෙතත් ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළද සැළක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන කටයුතු සිදු කර අදාළ සැකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 19 - 25 වියේ පසුවන ආණමඩුව නගරය අවට පදිංචිකරුවන්ය.
සැකකරුවන්ට එරෙහිව හදිසි නීතිය ක්රියාත්මක කිරීමේ පනත අනුව අධිකරණමය ක්රියා මාර්ග ගන්නා බව පොලීසිය කියයි.
සැකකරුවන් ආණමඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඡායාරූප - ඡුඩ් සමන්ත