ඩුබායි ප්‍රභූන්ගේ ආරක්ෂාව සඳහා යොදවන බව කියා මුදල් ගරලා

ඩුබායි ප්‍රභූන්ගේ ආරක්ෂාව සඳහා යොදවන බව කියා මුදල් ගරලා

August 26, 2015   09:53 am




රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ යුවළක් විල්ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ, ප්‍රභූන්ගේ ආරක්ෂාව සඳහා යොදවන බව පවසා මෙලෙස මුදල් ලබාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

වංචා කර ඇති මුළු මුදල රුපියල් 3,060,000ක් බව සඳහන්ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්තොටයාය, දුනුවලපිටිය ප්‍රදේශයේ පදිංචි 33න් හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 27 හැවිරිදි බිරිඳයි.

යුවළ සම්බන්ධයෙන් විල්ගමුව පොලීසියට පැමිණිලි 22ක් ලැබී ඇති අතර ඔවුන් නිවසින් පිටව යෑමට සැළසුම් කර තිබූ බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් සතුව තිබී අන්සතු විදෙස් ගමන් බලපත්‍ර 28ක් ද සොයාගත් බව සඳහන්ය.

ඔවුන් ඊයේ දිනයේ නාවුල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.