මංගල මනාපය...

මංගල මනාපය...

February 10, 2018  

Bookmark and Share
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අතරතුර සිදුවූ විශේෂ ඡන්ද ප්‍රකාශ කිරීම් කිහිපයක් අද දෙරණට වාර්තා විය.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද මරදාන කේරී විද්‍යාල භූමියේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කරනු ලැබුවේය.

ගාල්ල ප්‍රදේශයේ විවාහක යුවලක්ද සිය මංගල දිනයේ දී ඡන්දය ප්‍රකාශ කරන අයුරු අපට දක්නට ලැබුණි.

මේ අතර සිය ශාරීරික අපහසුතා පවා නොතකමින් බොහෝ වැඩිහිටි පිරිස් සිය ඡන්දය භාවිත කරන අයුරුද දැකගත හැකි විය.

මේ අතර කල්පිටිය අර්ධද්විපයේ දූපත්වාසින් සිය ඡන්දය භාවිත කිරිම සදහා මොහොත්තුවාල් මුස්ලිම් විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය වෙත බෝට්ටු මඟින් පැමිණි ආකාරයයි මේ.

මේ අතර සීමානිර්ණ ගැටලුවක් හේතුවෙන් හැටන් ගාමිණිපුර ඡන්ද දායකයින් 400ක පමණ පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.

ඔවුන් පවසන්නේ මෙ‍තෙක් පදිංචිව සිටි හැටන් දික්ඔය නගර සභාවෙන් බැහැරව මෙවර නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවට තම නම් ඇතුළත් කර ඡන්ද කාඩ් ලබාදීම ඊට හේතුව බවයි.

මේ අතර වව්නියාව ප්‍රෙද්ශයේ උපවාසයක් ආරම්භ කර සිටින අතුරුදන්වුවන්ගේ ඥාතීන් ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමින් 352වන දිනටත් අද උපවාසයේ නිරත විය.