දෙවන අදියරයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි

දෙවන අදියරයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි

August 5, 2015   09:46 am



රාජ්‍ය සේවකයින් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද සහ හෙට යන දෙදිනද සිදුවන බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

අතිරේක මැතිවරණ කොමසාරිස්   එම්. එම් . මොහොමඩ් මහතා පැවසුවේ  ගුරුවරු සහ පොලිස් නිලධාරීන් පසුගියදා සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කළ බවයි.

 
තැපැල් ඡන්ද නිරීක්ෂණය සඳහා පැෆ්රල් සංවිධානය කටයුතු කරන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.


මෙවර මහමැතිවරණය සඳහා සහභාගිවිමට නියමිත ජාත්‍යන්තර නිරීක්ෂකයින් සියළුදෙනා අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.