සැරයන්ගේ ගෙල මිරිකා සැකකරු පළායයි

සැරයන්ගේ ගෙල මිරිකා සැකකරු පළායයි

August 4, 2015   12:51 pm

අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන යන අවස්ථාවේ දී සැකකරුවෙකු පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා පළාගොස් තිබේ.

සැකකරු තවත් පුද්ගලයෙකු සමග බීමත්ව ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටියදී  ඊයේ(03) රාත්‍රී කුරුණෑගල   ප්‍රධාන මාර්ගයේ රථ වාහන පරික්ෂාවේ නිරත වු පොලිස් සැරයන්වරයෙකු සහ තවත් පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවටගත් සැකකරුවන් සමඟ පොලිස් සැරයන්වරයා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයෙන්ම පොලීසිය වෙත  ගමන් කරමින් සිටියෙදි එක් සැකකරුවෙකු සැරයන්වරයාගේ  ගෙල මිරිකා පලාගොස් ඇති බව  පොලීසිය පැවසුවේය.

අදාළ පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පළාගිය සැකකරු සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන අනෙකු පුද්ගලයාගෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව  පොලීසිය සඳහන් කළේය.