සංක්‍රමණිකයන් මර්දනයට ඕස්ට්‍රේලියානු සහය ලැබිලා
August 4, 2015 11:07 am
ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස සංක්රණමය වන්නන් පැහැරගැනීමට හා වධහිංසාවට ලක්කිරීමට මෙරට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් සහය වී ඇතැයි එරට මාධ්‍ය විසින් චෝදනා කර තිබේ.
ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් අනාවරණය කර ඇති අන්දමට 2009 වසරේ මැදභාගයේ සිට මිනිස් ජාවාරම් ජාලය මර්දනය කරනු පිණිස ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට තාක්ෂණික උපකරණ හා උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.
ඉහළ මට්ටමේ බුද්ධි තොරතුරු අධ්‍යයන වැඩසටහන්, ඡායාරූප හා වීඩියෝ දර්ශන ක්ෂණිකව බෙදාහැරිය හා හුවමාරුකර ගත හැකි මෘදුකාංග, කාර්යාල උපකරණ තොගයක් ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලීසියේ වෙනත් අදාළ අංශ වෙත ලබාදී තිබේ.