ලිට්රෝ සමාගම බන්දුලගෙන් බිලියනයක් ඉල්ලයි

ලිට්රෝ සමාගම බන්දුලගෙන් බිලියනයක් ඉල්ලයි

August 4, 2015   10:27 am

ලිට්රෝ සමාගම පෞද්ගලිකකරණය කිරීමේ සූදානමක් ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා සිදු කළ පදනම් විරහිත ප‍්‍රකාශයෙන් සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ලිට්රෝ සමාගම ඒ මහතාට එන්තරවාසි යවා තිබේ.


විධායක සභාපති ශලීල මුණසිංහ මහතා සිය නීතීඥවරුන් මගින් යවා ඇති
එන්තරවාසියේ දක්වා ඇත්තේ මෙම ප‍්‍රකාශය මගින් තමාට සේම ලිට්රෝ සමාගමේ ඉහළ කළමනාකාරීත්වයට අපහාස වී ඇති බවයි.


පසුගිය ජූලි 22 දා හෝ ඊට ආසන්න දිනයක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

 
ඒ අනුව දින 7ක් ඇතුළට අදාළ මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවද වාර්තා වෙයි.