බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටෙයි - 21ක් රෝහලේ

බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටෙයි - 21ක් රෝහලේ

August 4, 2015   09:31 am

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව, රදාවඩුන්න ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් මගීන් පිරිසක් තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ අද පෙරවරු 7.15ට පමණ සිදුවු අනතුරෙන් තුවාල ලැබු 21 දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් සහ කුරුණෑගල සිට කොළඹ දෙසට ධාවනය වු  පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තාවෙයි.