පොලීසියේ පුටු තුනක් මාරුවෙයි

පොලීසියේ පුටු තුනක් මාරුවෙයි

August 4, 2015   08:29 am



සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.

 සේවා අවශ්‍යතා මත පොලිස්පතිවරයාගේ නියමය පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මඩකලපුව කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී බි.එම්.එම්.දසනායක මහතා තංගල්ල කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නම් කර තිබේ.

ත්‍රීකුණාමලය පොලිස් කොට්ඨාශය භාරව කටයුතු කළ කේ.ජි.පි.බුද්ධික සමරපාල මහතා ජාතික පොලිස් විද්‍යාලයට මාරුකර ඇති බව  වාර්තාවෙයි.

පොලිස්පති අණදෙන සහ තොරතුරු කොට්ඨාශයේ ස්ථානාධිපති ඩි.එම්.ජේ.බි. දසනායක මහතා නුවරඑළිය කොට්ඨාශය වෙත මාරුකර තිබේ.