නිල ඡන්ද පත්‍රිකා ලක්ෂ 49ක් බෙදාහරියි

නිල ඡන්ද පත්‍රිකා ලක්ෂ 49ක් බෙදාහරියි

August 4, 2015   08:18 am




මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 49ක් පමණ මේ වන විට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රෝහණ අබේරත්න මහතා ප්‍රකාශ කළේ ලබන 10 වැනිදා වන විට සියලු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට අපේක්ෂා කරන බවයි.

 ලබන ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ද නම් කර තිබේ.

 
මේ අතර සෙසු රජයේ නිලධාරින් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා හෙට සහ අනිද්දා දින වෙන් කර ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඡන්දය භාවිත කිරීම සඳහා ලබන 08 වන දින වෙන් කර ඇති බව  මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.