මොරගහකන්ද ව්‍යාපෘතිය අතරමගදී නතර කරන්නේ නෑ

මොරගහකන්ද ව්‍යාපෘතිය අතරමගදී නතර කරන්නේ නෑ

August 3, 2015   04:28 pm



රජරට ගොවි ජනතාවගේ කෘෂිකර්ම සහ පානීය ජල ප්‍රශ්න විසඳීම සඳහා වන මොරගහකන්ද ජලාශ   ව්‍යාපෘතියේ  ඉදිකිරිම් කිසිසේත් අතර මගදී නවතා නොදමන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2007 වසරේදී එම ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබුණු අතර 2012 දී ඉදිකිරිම් ආරම්භ කෙරුණි.

මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිරිකිරිම් ලබන වසරේදී අවසන් කිරිමට නියමිතය.