ජ.වි.පෙ. සමන්ත කෝරලේආරච්චි මානව හිමිකම් යයි
August 3, 2015 03:32 pm
ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත කෝරලේආරච්චි මහතා මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පසුගිය දා තමන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම තුළින් තම මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බව පවසා ඔහු විසින් අද පෙරවරුවේ එම පෙත්සම ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හලාවත රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු, හලාවත පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු ඇතුළු නිලධාරින් දෙදෙනෙකු නම් කර තිබේ.
හලාවත මහ රෝහලට අනවසරෙයෙන් ඇතුළු වී නීතිවිරෝධි මැතිවරණ ප්රචාරක කටයුතු වල නිරතවීමේ චෝදනාව මත පසුගිය 30 වනදා සමන්ත කෝරලේආරච්චි මහතා සහ තවත් කාන්තාවක හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.
අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරිර ඇප මත ඔවුන් මුදාහැරිමට හලාවත දිසා විනිසුරුවරයා නියෝග කළේය.