දිනා ගැනීම...

දිනා ගැනීම...

January 19, 2018  

Bookmark and Share
හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වාරයේ සේවයේ නියතුව සිටි සේවකයින් තමන් වරාය අධිකාරියට බදවා ගන්නා ලෙස ඉල්ලමින් දින හැටක් පුරාවට කරගෙන ගිය විරෝධතාවය හා දින 11 ක් පුරාවට කරගෙන ගිය මාරාන්තික උපවාසය අද (19) දින පෙරවරුවේ අත්හරිනු ලැබිය.

හම්බන්තොට මාගම්පුර ජ්‍යාත්‍යන්තර වරායේ වසර පහකට අධික කාලයක සිට සේවයේ නියතුව සිටි මෙම සේවක පිරිසගේ රැකියා පසුගිය වසරේ දෙසැම්බර් 30 වනදා සිට අහිමි වීමත් සමඟ සේවකයන්ගේ විරෝධතාවය ආරම්භ කෙරිණි.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් යම් විසඳුමක් ලබාදීම සඳහා නිසි බලධාරියෙකු මැදිහත් නොවූ බැවින් පසුගිය 09 වනදා සේවකයින් 11 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්බ කල අතර 14 වනදා වන විට එම උඅපවසකරුවන් ආසධ්‍ය තත්වයෙන් පසු වූ බැවින් රෝහල් ගත කිරීමෙන් පසු තවත් සේවකයින් 11 දෙනකු විසින් ආරම්ළ කල මාරාන්තික උපවාසය අද (19) තෙක් පැවැත් විය.

මේ අතර පසුගිය 17 වනදා එම ස්ථානයට පැමිණි පුජ්‍ය ඕමල්පේ සොබිත නා හිමියන්ගේ මැදිහත් වීමෙන් පසුගිය 18 වනදා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමඟ පැවති සාකච්චාවකින් පසු සේවකයින් 438 දෙනා අතුරින් 138 දෙනෙකු හට වරාය අධිකාරියේ හා අනෙකුත් සේවකයින් හට ලක්ෂ 10 කට වැඩි වන්දි මුදලක් ලබාදීමේ පොරොන්දුව මත තම උපවාසය හා විරෝධතාවය ඇත හැරී බව මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි.කේ.ඔමේෂ් කියා සිටියේය.

උපවාසයේ නිරතව සිටි සේවකයින් තම උඅපවාසය ඇත හරිනු ලැබුවේ පුජ්‍ය ඕමල්පේ සොබිත හිමියන් පැමිණ ආශිර්වාද කිරීමෙන් පසුව වේ ඒ සඳහා මහාචාර්ය මහින්ද පාතේගම මහතාද සහභාගී විය.

ඡායා රූප- රාහුල් සමන්ත‍