ඉල්ලීමක්...
January 18, 2018
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පොලිස් විශේෂ බලකාය යොදා පහරදීමට විරෝධය පළ කරමින් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කලේ එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් දහවල් 12.00 සිට විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක බවයි.
කෙසේවෙතත් ලංකා විදුලි සේවක සංගමය විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය අනුමත කළ නොහැකි බව තාක්ෂණ ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති අජිත් ජනරංජන මුණසිංහ මහතා පවසයි.
මේ අතර විදුලි සේවකයින් දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ දෛනික කටයුතු වලට බාධාවක් වී නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
ඡායා රූප - සංජීව ලසන්ත