මහින්දගේ රැලියට මම නෑ
July 30, 2015 09:31 am
ලබන අගෝස්තු මස 03 වන දින මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතරදී පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැළියට තමා සහභාගී නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
පසුගියදා මාතලේදී නන්දිමිත්ර ඒකනායක මහතාට හූ කියූ ආකාරයට තමාට ද පිරිසක් හූ කීමට සුදානම් කර ඇති නිසා එම රැලියට එක්නොවන බව ඒ මහතා කියයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහින්ද සමරසිංහ මහතා මෙම අදහස් පළ කළේය.