අනතුරින් 7ට තුවාලයි

අනතුරින් 7ට තුවාලයි

July 29, 2015   04:56 pm



 පොළොන්නරුව - සෝමාවතිය මාර්ගයේ සේවාගම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

වෑන් රථයක් වේගය පාලනය කරගත නොහැකිවීමෙන් දුරකථන කණුවක ගැටී මාර්ගය අයිනේ තිබු වෙළෙඳසැලක් කඩාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

 අනතුරෙන් වෑන් රථයේ රියදුරු ඇතුළු එහි ගමන්ගත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා  ඇති අතර එම අවස්ථාවේ ‍වෙළෙඳසැල තුළ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

 තුවාල ලැබුවන් මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුවේය.