මටත් 3ක් පුළුවන් - ඒත් ව්‍යවස්ථාවට ගරු කරනවා
සයුරෙන් එතෙර

මටත් 3ක් පුළුවන් - ඒත් ව්‍යවස්ථාවට ගරු කරනවා

July 29, 2015   11:02 am




තෙවැනි වතාවටත් තමා තරඟ කළොත් ජයග්‍රහණය කරන බව අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා කියයි. කෙ‍ෙස් වුවද තමන් අමෙරිකානු ව්‍යවස්ථාවට ගරු කර එම අදහසින් බැහැර වන බව ඒ මහතා පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඉතියෝපියාවේ සංචාරයක නිරත වන අතරතුරදීය.

බැරක් ඔමාබා ඒ ගැන අදහස් දක්වා තිබුණේ මෙසේය.

“මම ඇත්තටම හිතන්නේ මම හොඳ ජනාධිපතිවරයෙක්. මම හිතන්නේ මම තරඟ කළොත් මට දිනන්න පුළුවන්. නමුත් මට බැහැ. අමෙරිකාව ඉදිරියට ගෙනයන්න ගොඩාක් දේවල් කරන්න මම ආසයි. නමුත් නීතිය නීතියමයි. ඉතින් නීතියට උඩින් කවුරුත් නෑ. ජනාධිපති වුණත්.”