ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

July 28, 2015   02:13 pm



කෝට්ටේ ජල පොම්පාගාරයෙන්  ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය කියයි.

ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, උඩහමුල්ල, මිරිහාන, නුගේගොඩ, පාගොඩ, විජේරාම සහ  නාවල යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය  සඳහන් කළේය.