ලාංකිකයාට ඔස්ට්‍රේලියාවෙන් 20 වසරක සිරදඬුවමක්
July 28, 2015 12:50 pm
ඔස්ට්‍රේලියාවේ, දකුණු ඇඩිලේඩ් හි සිදුවු පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සරණාගතයෙකුට වසර 20ක සිරදඞුවම් නියම වී තිබේ.
පසුගිය වසරේ ජනවාරි මාසයේ සිදුවු පුද්ගල ඝාතනයකට අදාළව මෙම සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඝාතනය සිදුකරන අවස්ථාවේ බීමත්ව සිට ඇති අදාළ ශ්‍රී ලාංකික සරණගතයා ඝාතනයට යොදාගත් තියුණු ආයුධය සහ එම අවස්ථාවේ ඔහු ඇඳ සිටි ඇඳුම් සැඟවීමට කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.
අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඇඩිලේඩ් හි ශ්‍රේෂ්ඨාධිකරණය පුද්ගල ඝාතනයට ලබාදෙන අවම දඬුවම වන වසර 20ක සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ සතීෂ්වරන් සුප්පයියා නම් 31 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුටයි.