වසර ගණනකට පසු කටුනායකින් නවතම සොයාගැනීමක්
July 28, 2015 12:44 pm
ගුවන් හමුදාව විසින් බිම හෙළන ලද එල්.ටී.ටී.ඊ. ගුවන් යානයක තිබූ බවට සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.
ගුවන් හමුදා කඳවුර ආසන්නයේ එළිපෙහෙලි කිරීමේ කටයුතුවල නිරතව සිටි ගුවන් හමුදා නිලධාරීන් පිරිසකට මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී ඇති බව සඳහන්ය.
ඒවා බැරලයක් තුළ බහා තිබු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේය.
පුපුරණ ද්‍රව්‍ය තොගය ගුවන් හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් අද දිනයේ නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන බව ගුවන් හමුදාව පැවසුවේය.
යුධ සමයේ කටුනායක ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ගුවන් යානයක් ගුවන් හමුදාව විසින් විනාශ කරනු ලැබුවේය.