මාතරට හෙට අනිද්දා ජලය නෑ

මාතරට හෙට අනිද්දා ජලය නෑ

July 28, 2015   10:19 am



මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට සහ අනිද්දා දිනයන්හි තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට (29) පෙරවරු 9.00යේ සිට  30 වන දින අළුයම 3.00 දක්වා පැය 18ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය කියයි.

ඒ අනුව දියගහ ජල තටාකය මගින් ජලය සැපයෙන දියගහ, කැකනදුර ප්‍රදේශ ඇතුළු කෝට්ටෙගොඩ, දික්වැල්ල හා කුඩාවැල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මාතර - කතරගම දුම්රිය මාර්ගයට බාධාවන නල මාර්ගයක් වෙනස් කිරීම හේතුවෙන් මෙලෙස තාවකාලිකව ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.