ජනපති අද උතුරේ සංචාරයකට එක්වෙයි

ජනපති අද උතුරේ සංචාරයකට එක්වෙයි

July 28, 2015   08:52 am



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ උතුරු පළාතේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

 කිලිනොච්චියේ අලුතින් ඉදිකරන ලද සතොස ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා අද දිනයේ සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

වැලිඔය ගොවිජනතාව සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ගොවි හමුවකට ද සහභාගී වීමට නියමිතය.

දූෂණ සහ අක්‍රමිකතාවය තුරන් කිරීමට ගණකාධිකරණ වෘත්තියට වැදගත් මෙහෙයක් ඉටුකළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ රටේ හොද මුල්‍ය විනයක් සහ මුල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යාමට නම් ගණකාධිකාරීවරුන් සිය වගකීම් නිසි ලෙස ඉටුකළ යුතු බවයි.

 ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.