මැතිවරණ නීති කැඩූවන් 163ක් අත්අඩංගුවේ
July 27, 2015 06:01 pm
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 69ක් ලැබී ඇති බව පොලිස් මූලස්ථානයේ මැතිවරණ පැමිණිලි ඒකකය පවසයි.
එම ඒකකය සඳහන් කළේ අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පුද්ගලයින් 163 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 543ක් ලැබී ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ මැතිවරණ පැමිණිලි ඒකකය සඳහන් කළේය.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පත්වීම් සහ උසස් වීම් සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 145කි.
මේ අතර වැඩිම මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව මැතිවරණ පැමිණිලි ඒකකය සඳහන් කළේය.