ශ්‍රී ලංකා භූමියෙන් තුනෙන් එකක් පාංශු ඛාදනය වෙලා

ශ්‍රී ලංකා භූමියෙන් තුනෙන් එකක් පාංශු ඛාදනය වෙලා

July 27, 2015   04:47 pm



ශ්‍රී ලංකාවට හිමි භූමියෙන් තුනෙන් එකක් පාංශු ඛාදනයට ලක්ව ඇති බවට තක්සේරු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

“පාංශු ඛාදනය අවම කිරීම සඳහා පාංශු සංරක්ෂණ ක්‍රියාදාමයන් යොදාගැනීම සහ න්‍යෂ්ටික ක්‍රමවේදයන්ගේ කාර්යයභාරය“ යන්නෙන් පැවති සමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාතික පරමාණුක බලශක්ති අධිකාරිය සංවිධානය කළ එම සමුළුව අද පෙරවරුවේ කොළඹ දී ආරම්භ කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාංශු ඛාදනය වැළැක්වීමට නිසි පියවර නොගතහොත් එය ලෝකයේ ආහාර සුරක්ෂිතතාවට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

මෙරට මධ්‍යම කඳුකරයේ සංවේදී ප්‍රදේශවල වනානාතර එළිකරමින් ජනතාව පදිංචිකරවීම, ප්‍රමිතියකින් තොරව වගා කටයුතු සිදුකිරීම, වැනි කරුණු පසෙහි දුරක්ෂිතභාවය හීනවීමට බලපා ඇති බව පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.