කබීර්ට විරෝධය පා...
November 14, 2017
විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.මෙම විරෝධතාව හේතුවෙන් මාවනැල්ල, ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. මාවනැල්ල, ගනේතැන්න සිට ගම්පොළ දක්වා දිවෙන මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු වසර ගණනාවකින් සිදු වී නොමැති බව පෙන්වා දෙමින් ප්‍රදේශවාසීන් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.
ඔවුන් අද දෙරණට අදහස් දක්වමින් කියා සිටියේ මේ පිළිබඳව දැනුවත් කළ යුතු පිරිස් දැනුවත් කළඳ අදාළ බලධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබුණු බවයි.මේ සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂීම් මහතාද ලිඛිතව දැනුවත් කර ඇති බවද විරෝධතාකරුවන් පෙන්වා දෙන අතර, ඒ මහතාට එරෙහිව මෙම විරොධතාවය ක්‍රියාත්මක කළ බවද ඔවුන් කියා සිටියේය. එමෙන්ම තම ගැටළුවට බලධාරීන්ගෙන් නිසි විසඳුමක් ලබා දෙන තෙක් මෙම විරෝධතාවය අත්නොහරින බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියේය.
ඡායාරූ-සමන් විජේබණ්ඩාර