ගිහින් එන්නම්..!

ගිහින් එන්නම්..!

November 13, 2017  

Bookmark and Share
හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.නීතීඥවරුන් මාර්ගයෙන් ඔවුන් අද(13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු අනිද්දා දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් රුපියල් බිලියන 04ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ගාමිණී සෙනරත් මහතා සහ එම සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්න යන අයට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණි.