මඟීන් නැත-ගංජා ඇත
November 12, 2017
යාපනයේ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගී බස් රථයකින් ප්රවාහනය කරමින් තිබූ කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වව්නියාව, කනගරායන්කුලම් ප්රදේශයේ දී අදාළ බස් රථය නවතා පරීක්ෂා කිරීමේ දී කේරළ ගංජා කිලෝග්රෑම් 100ක් සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
අදාළ බස් රථය මගී ප්රවාහන බස් රථයක් නොවන අතර කාලයක සිට සැකකරුවන් විසින් එම බස් රථය මෙම ජාවාරම සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා වන අතර ඔවුන් මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.