කේරළ ගංජා ගෙනා ඉන්දියානුවන් දැලේ

කේරළ ගංජා ගෙනා ඉන්දියානුවන් දැලේ

July 7, 2015   10:15 am



කේරළ ගංජා තොගයක් සමග ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙකු තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සහ තලෙයිමන්නාරම පොලීසිය එක්ව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එහිදී සැකකරුවන් සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 28යි ග්‍රෑම් 100ක් සොයාගෙන ඇත.

ඉන්දියාවේ සිට අදාළ කේරළ ගංජා තොගය රැගෙන ආ බව සිදුකරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් සිව්දෙනා අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර තලෙයිමන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.