පැණිබීම බෝතල්වල විෂ මත්පැන් - 5ක් මාට්ටු

පැණිබීම බෝතල්වල විෂ මත්පැන් - 5ක් මාට්ටු

July 7, 2015   10:13 am



කිරිබත්ගොඩ, මාකොල ප්‍රදේශයේදී විෂ මත්ද්‍රව්‍ය අඩංගු පැණිබීම බෝතල් තොගයක් සමග පුද්ගලයින් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සපුගස්කන්ද පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී විෂ මත්ද්‍රව්‍ය අඩංගු කුඩා ප්‍රමාණයේ පැණිබීම බෝතල් 700ක් පොලීසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කටුවන, ගිරිබාව, උඩුපුස්සැල්ලාව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.