අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්!

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්!

July 7, 2015   08:55 am

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පෙරවරු 10ට එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව  එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

 පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් අදහස් පළ කරනු ඇති බව වාර්තා වෙයි.

 මේ අතර එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය ජුලි මස 11 වන දින කොළඹ දී පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.

ඒ සඳහා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ට ආරාධනා කරන බව  ගයන්ත කරුණාතිල අමාත්‍යවරයා සඳහන් කළේය.