ආබෲගෙන් උසාවියට පෙත්සමක්
July 6, 2015 05:23 pm
තමන්ට එරෙහිව පොලිසිය පරීක්ෂණ සිදු කරන ආකාරය නීතිවිරෝධි බවට තීන්දුවක් ලබා දෙන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මුලික අයිතවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගල්කිස්ස පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු 06 දෙනෙකු නම් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේ.ය
සිය නිවසේ මෙහෙකාරියට පහරදුන් බව කියමින් ගල්කිස්ස පොලිසිය තමන්ට එරෙහිව පරික්ෂණ සිදු කළ ආකාරය මුළුමණින්ම නීතියට පටහැනි බවත්, එමගින් තම මූලික අයිතිවාසිකම් කඩවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමේ සඳහන්ය.
ඒ හේතුවෙන් පොලිසියේ එම ක්‍රියාකලාපය තුළින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් පනවන ලෙස විනිසුරු සරත් ද ආබෲ මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
එමෙන්ම සිය පෙත්සමේ අවසන් තීන්දුව ලබාදෙන තෙක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන පොලිස් පරීක්ෂණ කටයුතු අත්හිටුවීමේ අතුරු නියෝගයක් ද නිකුත් කරන මෙන් විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.